
ශ්‍රී ලංකාවේ ඇතැම් ස්කාගාර, ධාන්‍ය මත්පැන් සහ රා බෝතල් කිරීමේ නිෂ්පාදනාගාර විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ අනුමත නොකළ ද්‍රව්‍ය යොදාගනිමින් මත්පැන් නිෂ්පාදනය කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී.එන්.ඒ. පේමරත්න මහතා අනාවරණය කරයි. මෙම නිෂ්පාදනාගාර සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරන බවද ඔහු පෙන්වා දෙයි.
මෙම බරපතල තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කර, එය වළක්වාලීම සඳහා වහාම නීතිමය පියවර ගන්නා ලෙස සියලුම සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය නොකරන ලෙස සියලුම මත්පැන් නිෂ්පාදනාගාර වෙත ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන් කළ ඒ මහතා, දැනටමත් නීති විරෝධී නිෂ්පාදන ක්‍රියාවලියක නිරත වූ බවට තහවුරු වූ ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද අවධාරණය කළේය.
ඉදිරියේදී සුරාබදු නිලධාරීන් මෙම නිෂ්පාදනාගාර පිළිබඳව අඛණ්ඩව විමසිල්ලෙන් පසුවන බවත්, නීතිය උල්ලංඝනය කරන ඕනෑම නිෂ්පාදනාගාරයක් නීතිය හමුවට පමුණුවන බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval